අග්‍රාමාත්‍යතුමා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී...

පෙබ 10, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගත්තා.  

    අග්‍රාමාත්‍යතුමා පළමුව අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේ ඉන් අනතුරුවයි.  

    අනතුරුව රුවන්වැලි මහ සෑ චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ බැහැදුටුවා. පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේගේ සුව දුක් විමසා බලා උන්වහන්සේ සමඟ සුහද කතාබහක ද නිරත විය.  

    මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. .

    PM2 900px 22 02 10

    PM3 900px 22 02 10

    Latest News