ගංගාරාම විහාරාධිකාරී පුජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ගංගාරාම විහාරස්ථ දායක සභාව මෙවර පෙරහර අති උත්කර්ශවත්ව සංවිධානය කර තිබේ.
පළමුව ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යතුමා අනතුරුව මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කොට ඊට මල් ඉසිමින් පුෂ්පෝපහාර දැක්වීය.
පෙරහර ආරම්භයට පෙර අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි අනුනාහිමියෝ ගංගාරාම පෙරහර ඉතිහාසය අළලා විශේෂ අනුශාසනාවක් පැවැත්වූහ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ,අමාත්‍යවරුන්වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,බන්දුල ගුණවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, මහාභාරකාර තැන්පත් ගනේශ් ධර්මවර්ධන, දායක සභාවේ සභාපති රංජිත් විජේවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන් හා එක්ව සිටියහ.