මෙරටට එන සංචාරකයින්ට කොවිඩ් රක්ෂණ ආවරණය අනිවාර්ය කෙරේ

පෙබ 21, 2022

    සියලුම සංචාරක වීසා සහ විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් මෙරටට පැමිණීමේදී මෙරට කොවිඩ් රක්ෂණ ආවරණය ලබාගැනීම අනිවාර්යය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

    අමෙරිකානු ඩොලර් 12ක මුදලක් ගෙවා එම රක්ෂණාවරණය ලබාගත හැකි අතර මසකට අමෙරිකානු ඩොලර් 75,000ක ආවරණයක් එමගින් හිමිවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

    මෙරට විදෙස් ගමන්බලපත්‍රයක් හිමි පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී එම රක්ෂණාවරණය ලබාගෙන තිබීම අවශ්‍ය නොවේ.  රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර හිමි අය සහ ඔවුන්ගේ පවුලේ පිරිස් මෙම රක්ෂණාවරණයෙන් නිදහස් කර තිබේ. 

    එම නිවේදනය පහතින් දැක්වේ...

    2839bbeaad7282174aada027a568e679

    Latest News