ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්...

පෙබ 21, 2022

    ජාත්‍යන්තර මාතෘ භාෂා දින (International Mother Language Day) සැමරුම අද (21) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්විණි. 

    සෑම වසරකම පෙබරවාරි 21 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය, සාමය ස්ථාපනය කිරීම, බහු භාෂා භාවිතය ප්‍රවර්ධනය සහ ලොව පුරා පවතින මවු භාෂා ආරක්ෂා කිරීමේ අරමුණු පෙරදැරිව සැමරෙයි. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය එක්ව මෙවර ජාත්‍යන්තර මාතෘ භාෂා දින සැමරුම සංවිධානය කර තිබිණි.  

    "මව, මවු භාෂාව, මාතෘභූමිය" මෙවර සැමරුමේ ප්‍රධාන තේමාව වූ අතර "මව, මවු භාෂාව, මාතෘභූමිය රැක ගැනීමට අපගේ උත්සාහයන් අලුත් කරමු!" යන්න මෙවර සැමරුම් උත්සවයේ ප්‍රධාන පණිවුඩයයි. ජාත්‍යන්තර මාතෘ භාෂා දිනයට සමඟාමීව "මව, මවු භාෂාව, මාතෘභූමිය" යන තේමාවෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති රචනා සහ චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන් 15 දෙනෙකුට මෙහි දී ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කළ අතර චිත්‍ර තරඟ ජයග්‍රහණය කළ සිසුන් තිදෙනාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් සිදුකෙරිණි.  

    ඉන්දීය, බංග්ලාදේශ, රුසියා, මාලදිවයින්, ප්‍රංශ සංස්කෘතිකාංගවලින් සහ සිංහල, දෙමළ ගී නිර්මාණවලින් මෙම උත්සවය අලංකාරවත් විය. පැපිලියාන රජ මහා විහාරාධිපති වැල්ලම්පිටිය සුමන ධම්ම ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.  

    අමාත්‍යවරුවන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තරෙක් අරිෆුල් ඉස්ලාම් යන මහත්වරු ඇතුළු තානාපතිවරු, මහ කොමසාරිස්වරු, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ නිත්‍ය නියෝජිත සිම්රින් සින් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    PM02 900px 22 02 21

    PM03 900px 22 02 21

    Last modified on සදුදා, 21 පෙබරවාරි 2022 19:15

    Latest News