ප්‍රවෘත්ති වාර්තාකරණයේ වෙනස; අද (22) 6.50ට.....

පෙබ 22, 2022

    පුරා දශක 4ක් ප්‍රේක්‍ෂක විශ්වසනීයත්වය දිනා ගනිමින්, වගකීමෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වූ අප නැවුම් වෙනසකට සූදානම්.

    ඒ සඳහා තව ඇත්තේ පැය 24කටත් අඩු කාලයක්. අන්තර්ගතය සහ ප්‍රවෘත්ති පෙළ ගැස්මේ වෙනසක් කරමින්, ජනතා ප්‍රශ්න කතා කරන ඔබේම ප්‍රවෘත්ති ප්‍රකාශය බවට රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය පත් කිරීම අපේ අරමුණයි. දවසේ උණුසුම් සිදුවීම් සමඟ පක්‍ෂ-විපක්‍ෂ දේශපාලන හඬට ඉඩඉඩ විවර කරමින් ආර්ථික, සමාජයීය හා සංස්කෘතික සියලු ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනස්ම ආකාරයකින් ඔබට සමීප කිරීමට අප සූදානම්.

    නුදුරු අනාගතයේදීම ඩිජිටල් විකාශනයට සූදානම් වන අප හෙට සිට නවීන තාක්‍ෂණික උපකරණ සහ දැවැන්ත පසුතලයක් සහිත මැදිරියක සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්. මේ සියලු කාර්යයන් රූපවාහිනී සංස්ථා කාර්ය මණ්ඩලය පමණක් යොදාගෙන සිදු කිරීම විශේෂත්වයක්.
    අද (22) සිට ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙන එන්නේ රාත්‍රී 8.00ට නොව පස්වරු 6.50ට.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 12:13

    Latest News