තවත් පුද්ගලයින් 44,489 ක් බූස්ටර් මාත්‍රාව ලබාගනී

පෙබ 22, 2022

    මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (21) දිනයේදී තවත් පුද්ගලයින් 44,489 දෙදෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ, ඒ අනුව මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් ගණන 6,538,759 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

    මේ අතර ඊයේ දිනයේදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගයින් 3,891 කට ලබාදී තිබේ. එම එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 5072 දෙනෙකුට ලබාදී ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 10:25

    Latest News