“සුව උදාන” ජංගම සෞඛ්‍ය වැඩසටහන යළි ඇරඹෙයි

පෙබ 26, 2022

    ග්‍රාමීය ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබූ “සුව උදාන” ජංගම සෞඛ්‍ය වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 

    'කොවිඩ් 19' වසංගතය හමු‌‌වේ වසර 02 කට අධික කාලයක් නොපැවැත්වූ, “සුව උදාන” ජංගම ‌වෛද්‍ය සායන වැඩසටහන නැවත ආරම්භ කරමින් පළමු සායනය අක්මීමන කුරුදුවත්ත, බෝධිමළු විහාරස්ථානයේ දී පසුගියදා (24) දිනය පුරා පැවැත්විණි.

    මෙම ජංගම ‌ෛවද්‍ය සායනය බටහිර ‌ෛවද්‍ය සහ දේශීය ‌ෛවද්‍ය සායන මුලික කර ගනිමින් පෑවැති අතර, බටහිර ‌ෛවද්‍ය සායන යටතේ වකුගඩු රෝගීන් කළින් හදුනා ගැනීමේ පරීක්ෂණයන්ට අදාල සායන, අක්ෂි සායන, රුධීර පරීක්ෂාව, සුවනාරී සායනය, බෝනොවන රෝග පිළිබදව ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන්, රසායනාගාර සේවා ඇතුලු සායන රැසක් සමහ ක්‍රියාත්මක කරන ලද අතර, ආයුර්‌‌ෙව්ද සායන යටතේ සර්වාංග රෝග සායන පවත්වන්නට යෙදුනි. එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහනක් ද මෙහිදී සාර්ථකව ක්‍රියාත්මක වූ අතර එහිදී රෝගීන් සදහා ඖෂධ නිකුත් කිරීමක්ද සිදු විය.

    Latest News