"රයිගම් ටෙලීස්" ජාතික රූපවාහිනියට නිර්දේශ නාම 39ක්.....

පෙබ 26, 2022
  • 2020 සහ 2021 වසර සඳහා මෙවර "රයිගම් ටෙලීස්" ද්විත්ව සම්මාන උළෙලක් පැවැත්වීමට නියමිතයි.

    යෝජිත සම්මානවලට අදාළ නිර්දේශ නාම ඊයේ සවස නිවේදනය කෙරුණා. එම වසර 02 සඳහා ජාතික රූපවාහිනියේ නිර්දේශ නාම සංඛ්‍යාව 39 ක්.  නිර්දේශ නාම ප්‍රසිද්ධ කිරීම ඊයේ සිදුකෙරුණේ, බත්තරමුල්ල, "වෝටර්ස් ඒජ්" හිදී.

    කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් 2020 "රයිගම් සම්මාන" උළෙල පැවැත්වීමට හැකිවූයේ නැහැ. 2020 වසරට ජාතික රූපවාහිනියේ නිර්දේශ නාම 25 ක් සහ 2021 සඳහා නිර්දේශ නාම 14 ක් ඇතුළත්.

    Latest News