අදත් පැය 5ක විදුලි කප්පාදුවක්

පෙබ 28, 2022

    අද දිනයේද කලාප කිහිපයකට පැය 05 යි විනාඩි 15 ක කාලයක් විදුලි කප්පාදුවක් සිඳුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

    ඒ අනූව A, B හා C යන කලාපවලට අද දිනයේ පැය හතරයි විනාඩි 40 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර 04 ක් මේ වනවිට අක්‍රීය වී තිබේ.

    කොළඹ වරායේ නවතා ඇති බත්තල තාප බලාගාරය, කැලණිතිස්ස නැප්තා බලාගාරය, කැළණිතිස්ස ජී ටී 7 බලාගාරය සහ මෙගාවොට් 50 ක විදුලි ධාරිතාවක් නිපදවන කැළණිතිස්ස තවත් තාප බලාගාරයක් එලෙස අක්‍රීය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    අද විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහනට මෙතැනින් පිවිසෙන්න...

    https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/E-28-02-2022-Power-Interruption-Schedule.pdf

    Last modified on සදුදා, 28 පෙබරවාරි 2022 11:21

    Latest News