ඩීසල් ප්‍රවාහන නෞකාවට මුදල් ගෙවයි. ඉන්ධන ගොඩබෑම හෙට සිට...

මාර් 02, 2022

    ශ්‍රී ලංකාව වෙත පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවෙන්, ඩීසල් ගොඩබෑම හෙට පස්වරුවේ ආරම්භ කෙරෙනු ඇති බව, බලශක්ති අමාත්‍යාංශය පවසනවා. අදාළ නෞකාව සඳහා මුදල් ගෙවීම, අද (02) සිදුකෙරුණා.

    අමෙරිකානු ඩොලර් මිලියන 31 ක මුදලක් එම නෞකාව සඳහා අද (02) ගෙවනු ලැබුවා. ඩීසල් මෙට්‍ර්ක් ටොන් 37,300 ක් රැගෙන ශ්‍රී ලංකාව වෙත පැමිණි නෞකාව, මේ වනවිට කොළඹ වරායෙන් පිටත නැංගුරම් ලා තිබෙනවා. මේ අතර, ඩීසල් නොමැති වීම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි පිරවුම්හල් අසල අදත් දිගු පෝලිම් දක්නට ලාැබුණා. තවද, ඉන්ධන ගැටලුව දුම්රිය ගමනා ගමනයට, බලනොපාන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    ඉන්ධන හිඟවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු වීම හෝ සීමා කිරීම් සිදුවන බවට හා සිදුවිය හැකි බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ නිකුත් කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ දක්වා කිසිදු අඩුවකින් තොරව ඉන්ධන තොග ලැබෙමින් පවතින බවයි. එමනිසා කිසිදු දුම්රියක් මේ දක්වා අවලංගුකර නොමැති බව දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

    Last modified on බදාදා, 02 මාර්තු 2022 17:47

    Latest News