සිසුන් සීමා සහිතව හෙට (07) සිට පාසල් යළි විවෘතයි...

මාර් 06, 2022

    2021 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු හෙට (07) පාසල් යළි ආරම්භ කිරීමට නියමිතයි.

    පාසල් වෙත සිසු සිසුවියන් කැඳවිය යුත්තේ සීමා සහිතව බවයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. පාසලට නොකැඳවන කණ්ඩායම්වලට විකල්ප ඉගෙනුම් ක්‍රමවේද භාවිත කරමින් අදාල විෂය කොටස් ආවරණය කළයුතු බව, අධ්‍යාපන අමාතයාංශය දැනුම් දෙනවා.

    පන්තියක ශිස්‍ය සංඛ්‍යාව 20 දක්වා වන පන්ති සෑම දිනකම පැවැත්විය හැකියි. 21 සිට 40 දක්වා සිසුන් සංඛ්‍යාවක් සිටින පන්ති කන්ඩායම් 02කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්වීමටයි, පියවර ගෙන ඇත්තේ. සිසුන් 40 ට වැඩි පන්ති සමාන කොටස් 03කට වෙන්කර පැවැත්විය හැකියි. අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටිනවා.

    Latest News