කුරුණෑගල අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාල කටයුතු සොයා බැලීම....

මාර් 06, 2022

    කුරුණෑගල අලුතින් ස්ථාපිත කළ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ කාර්යාලයේ කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඊයේ එහි ගොස් සොයා බලා තිබෙනවා.

    එය පිහිටා ඇත්තේ, අංක 462, පුත්තලම පාර, යන්තම්පලාව, කුරුණෑගල යන ලිපිනයේ. මෙහි දී කුරුණෑගල දිස්ත්‍රික් මහජන නියෝජිත හමුවක් ද පැවැති අතර ඊට එම දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිත පිරිසක් එක්ව සිටියා.
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන් ම "ගමට සන්නිවේදනය" වැඩසටහන යටතේ කුරුණෑගල ඉදිවන සන්නිවේදන කුලුනු 48 පිළිබඳ ද මෙහි දී මහජන නියෝජිතයන්ගෙන් කරුණු විමසා සිටියා.

    මෙම සාකච්ඡාව අතරතුර දී විෂය භාර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී කුලුනු ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි ද උපදෙස් ලබාදුන්නා.
    මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යාවරු වන ඩී.බී. හේරත්, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සමන්ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, චරිත හේරත්, ප්‍රේමනාත් සී. දොලවත්ත, මංජුලා දිසානායක, අසංක නවරත්න, බී. වයි. ජී. රත්නසේකර, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු මහජන නියෝජිත පිරිසක් එක්ව සිටියා.

    Latest News