'IMF වාර්තාව ගැන සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා කළ හැකියි' - ඇමති දිනේෂ් ගුණවර්ධන

මාර් 10, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳව, ජනාධිපතිතුමා කැඳවන සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡාවට ගත හැකි බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    මෙම වාර්තාව සහ ඊට අදාළ ලේඛන නිල වශයෙන් නිකුත් කර ඇති නිසා ඒවා දේශපාලන පක්ෂ නායකයන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබා දෙන බවත්, සැඟවීමට කිසිවක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

    සභානායකවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (09) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ නායක පා.ම.රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමිනි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වාර්තා සහ ලේඛන මේ වන විටත් නිකුත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. 

    Latest News