ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට

මාර් 10, 2022

    කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන එක්ව ඉතිහාසයේ පළමු වතාවට සකස් කළ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    කොළඹ ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එමගින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව පිබිදීමක් උදාවන බවයි. ජාතික ආර්ථිකයට කෘෂි ආහාර පද්ධතියේ දායකත්වය වැඩි කිරීම අරමුණු කරගනිමින් මේ හරහා වැඩපිළියෙල රැසක් දියත් කෙරේ.

    යැපුම් ආර්ථික ආනයනයකින් මිදී නිෂ්පාදන ආර්ථිකයකට යෑම මෙම ප්‍රතිපත්තිය ඔස්සේ බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසීය.

    සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් මදකට මිදී නවීන තාක්‍ෂණය, අපනයන වෙළෙඳපල සහ ගොවියාගේ ආර්ථිකය ශන්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට ඇතුලත් කර ඇත. එසේම රටේ වගා කළ හැකි සියලු දේ මේ රට තුළ වගා කිරීම අරමුණු කර ගනිමින් සිදු කෙරෙන වැඩපිළිවෙලද අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

    මේ ඔස්සේ ජාතික කෘෂිකර්ම සංග්‍රාමයක් ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවත් කෘෂිකර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඒ හරහා ඇති කරන බවටද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කර සිටියේය.

    Latest News