රත්මලාන - මාලදිවයින් ගුවන් ගමන් අරඹයි

මාර් 11, 2022

    රත්මලාන පිහිටි කොළඹ ගුවන් තොටුපොළ ලබන 27 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කරමින් කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    මාලදිවයිනේ ජාතික ගුවන් සේවය සමග ඇතිකර ගත් ගිවිසුමකට අනූව දෙරට අතර නව ගුවන් සේවා එදින සිට ආරම්භ කිරීමට නියමිතයි.

    ගුවන් සේවා හා අපනයන සැලසුම් කලාප රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක, ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් යන මහත්වරුන් ඇතුළු පිරිසක් නව අන්තර් ජාතික ගුවන් තොටුපොළ ඊයේ නිරීක්ෂණය කළේය.

    දශක 5කට පමණ පසු රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ  මගින් කලාපීය ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකිවීම ගුවන් ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක්.

    Latest News