“රන් දූපත“ නව පාලම සැදැහැවතුන්ගේ ගමනා-ගමනයට...(වීඩියෝ)

මාර් 12, 2022
  • මාතර රන් දූපත, ශ්‍රී රෝහණ සංඝ සභාවේ උපෝසථාගාරය වෙත ප්‍රවිශ්ට වීම සඳහා, තාවකාලිකව ඉදි කෙරුණු නව පාලම සැදැහැවතුන්ගේ ගමනා-ගමනයට අද විවෘත කෙරුණා.

    පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පාලම විවෘත කෙරුණේ, යුද හමුදාපතිවරයාගේ සහභාගිත්වයෙන්. රන් දූපත හෙවත් පරෙයි දුපත සහ මාතර නගරයේ වෙරළ තීරය සම්බන්ධ කරමින් ඉදිකර තිබූ පාලම, පසුගියදා කඩා වැටුණා. ස්ථිර පාලමක් ඉදිකරන තෙක් තාවකාලික පාලමක් සකසන ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත කළ දැනුම් දීමකට අනුව, හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි යුද හමුදා ඉංජිනේරු බල සේනාව විසින් සතියකටත් අඩු කාලයක් තුළ තාවකාලික පාලම ඉදිකරනු ලැබුවා. මේ සඳහා ස්ථිර පාලමක් ඉදිකරන ලෙස, ජනාධිපතිතුමා මහාමාර්ග අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

    Latest News