අනුරාධපුර රෝහලේ සේප්පුවක් කොල්ලකයි

මාර් 03, 2019

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ  ගිණුම් අංශයේ  සේප්පුවක් විවෘත කොට රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් කිසියම් පිරිසක් සොරාගෙන තිබේ.

    එම සේප්පුවේ තිබූ වව්චර්පත් ඇතුළු ලේඛණ තොගයකට ද ඔවුන් ගිනි තබා තිබෙනවා.

    සේප්පුවේ යතුර තිබූ ස්ථානයෙන් සූක්ෂම ලෙස එය රැගෙන අදාළ සේප්පුව විවෘත කිරීමට ඔවුන් කටයුතු කර තිබෙන බව පොලිසිය සදහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News