කොළඹ, වෙසක් තොරණ ප්‍රදර්ශනයට අවසර...(වීඩියෝ)

මාර් 13, 2022
  • කොළඹ දිස්ත්‍රික්කයේ වෙසක් තොරණ ප්‍රදර්ශනය සඳහා අවසර ලබාදී තිබෙනවා.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සිදු කළ යුතු බවයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකක පමණ සිට ආගමික උත්සව ඇතුළු උත්සව අවස්ථා සාමාන්‍ය පරිදි පැවැත්වීමට ජනතාවට හැකියාව ලැබුණේ නැහැ. තොරණ ඉදිකිරීම සහ ප්‍රදර්ශනය තුළින් විශාල පිරිසක් තම ජීවනෝපාය සරිකර ගන්නවා. මේ සඳහා අවසර ලබාදෙන ලෙස ඔවුන් පසුගියදා ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීමෙන් පසු මේ සඳහා අවසර ලබාදී ඇති බවයි, ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කළේ...

    Last modified on ඉරිදා, 13 මාර්තු 2022 16:28

    Latest News