සෙන්ක්ලෙයාර් රක්‍ෂිතයේ ගින්නක්

මාර් 03, 2019

    තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල අසල රක්ෂිතයේ අද (03) දහවල් ගින්නක් හටගෙන ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.

    සෙන්ක්ලෙයාර් දිය ඇල්ලට ආසන්නයේ කොත්මලාඔයට ඉහලින් ඉලුක් සහිත රක්ෂිතයේ මෙම ගින්න හටගෙන ඇත.සෙන් ක්ලෙයාර් දිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගින් තබන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ. රක්‍ෂිතයේ හටගත් ගින්න අසල පිහිටි තේ වගාවකට ද පැතිර යාමේ අවධානමක් මතු වි ඇත.

    Fair01 Px 900 03 03 19

     

    සෙන්ක්ලෙයාර් රක්‍ෂිතයේ ගෝනුන්, මුවන්, ඉත්තැවන්, වල් ඌරන්, හාවුන් ඇතුළු පක්ෂින් ගණනාවක් වාසස්ථාන ඇති කරගෙන ඇති බව ප්‍රදේශවාසින් පවසයි. පැතිර යමින් පවතින ගින්න පාලනය කිරිමට කිසිවෙක් ඉදිරිපත් නොවි ඇති අතර, හටගත් ගින්නෙන් මේ වන අක්කර 10 පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

    Latest News