ලෝක බලශක්ති අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් මේ පියවර අනුගමනය කළ යුතු බවට එම ආයතනය පෙන්වා දී ඇත.
ඒ අනුව සතියට දින තුනක් නිවෙසේ සිට රාජකාරි කටයුතු ආරම්භ කිරීම, අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමීටර් 10කින් අඩු කිරීම, පොදු ප්‍රවාහනය භාවිත කිරීම ලාභදායී කිරීම, පා ගමනින් ඇවිදීම සහ පාපැදි දිරිමත් කිරීම, විශාල නගරවල මාර්ගවල පෞද්ගලික මෝටර් රථ වෙනුවට විකල්ප යෙදීම, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෝටර් රථ තවත් අය සමඟ බෙදාගැනීම, භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ සහ භාණ්ඩ බෙදා හැරීම සඳහා කාර්යක්ෂම රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම එම යෝජනාවලිය තුළ අන්තර්ගත වෙයි.