අදත් පැය 5ක විදුලි කප්පාදුවක්

මාර් 21, 2022

    අද (21) දිනයේත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    ඒ අනූව, A සිට L දක්වා වූ කලාප 12 සඳහා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි.

    ඊට අමතරව P සිට W දක්වා වූ කලාප 8 සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2යි මිනිත්තු 40ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.30 දක්වා පැය 1 යි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

    ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලිමට අනූව, අදාළ විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. 

    Latest News