අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

මාර් 22, 2022

    අද දිනයේ ද පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව, A සිට L දක්වා වු කලාප 12 සදහා පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

    එම කලාපවලට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ යළි පැයක කාලයක් ද විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

    ඊට අමතරව P සිට W දක්වා වූ කලාප 8 සදහා විදුලිය කපා හැරෙන්නේ පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2 යි මිනිත්තු 40 ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක කාලයක්.

    Latest News