එය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් හෙට (මාර්තු 05) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරිමට නියමිතයි.
එ අනුව අයවැය මගින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කරනු ඇත. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළිවෙළ අනුව සැමට මූලික පහසුකම් සැපයිම මෙවර අයවැය යෝජනාවලට ඇතුළුත් බව මුදල් අමාත්‍යංශය පවසයි.
2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇති බවට ගණන් බලා තිබේ. ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වේ.
අයවැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5% ක් දක්වා අඩු කර ගැනීමේ ඉලක්කය වත්මන් රජය 2015 වසරේ සිට ක්රමාණුකූලව පසුරා ගනිමින් සිටි. 2015 වසරේ දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 වසරේ දී 5.3% දක්වා අඩු කර තිබේ. 2019 වසරේ එය 4.4% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2020 වසරේ අයවැය පරතරය අපේක්ෂිත පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක් ළගාවීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වසර 50 කට පසුව අයවැයේ ප්‍රාථමික ශේෂයේ ප්‍රථම වරට 2018 වසරේ දී අතිරික්තයක් පැවැති බවට මුදල් අමාත්‍යංශය පවසන අතර එය2019 වසරේ දී තව දුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
ප්‍රාථමික ශේෂයේ වැඩිවීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවා කරණය කිරීමට හැකි තත්ත්වයක් උදාවී ණය ගැනීමේ සීමාව සාපේක්ෂව අඩු වනු ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව 2019 වසරේ දී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරයි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනිදා සිට 12 දින දක්වා පැවැත්වෙන අතර එදින සවස්වරුවේ දී දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදුවේ. අයවැය තෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වේ. ඉන් පසු ඉදින පස්වරුවේ අයවැයේ අවසන් ඡන්ද විමසීම සිදුකෙර්.