විධායක ජනපති ක්‍රමය තුළ අන්ත දූෂිත ක්‍රම 5ක් (වීඩියෝ)

මාර් 04, 2019

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව රටතුළ පුළුල් කතිකාවතක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මහර ආසන බල මණ්ඩල රැස්වීමක් අද (04) අමතමිනි.


    පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා..."මේ දිනවල සාකච්ඡාවක් ගොඩනැගිලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව. මා හිතන්නේ සෑම දෙනාම දන්නවා විධායක ජනාධිපති ක්‍රමය යනු බල තණ්හාවේ, දූෂණයේ, නාස්තියේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවයේ ,ආරාජිකත්වයේ, බල තණ්හාවේ අංශවල මුදුණයි. රටක ජනතාවට තිබිය යුතු ප්‍රධානතම අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආණ්ඩුවක් ගෙදර යැවීමේ අයිතිය. 1978න් පසු අපිට පත්වන ආණ්ඩු පරාද කළ නොහැකි තත්වයක් ඇති වී තියෙනවා. යූ. එන්. පී. ආණ්ඩුව අවුරුදු 17ක් හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 24 ක් හිටියා. එය මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණයට සාක්ෂියක්.

    නීතියක් රීතියක් සලකන්නේ නැතිව හිතූ මනාපෙට වැඩ කිරීම අරාජිකත්වයේ මුදුණට හොඳම සාක්ෂියක්. තවද 2005 සිට හිටපු ජනාධිපති ලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානීන් දූෂණ චෝදනා එල්ල වී තිබීම දූෂණයේ මුදුණ බවට සාක්ෂියක්.

    එම නිසා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජවිපෙ ඇතුළු විවිධ පාර්ශව යොමු වී සිටිනවා. ඒ අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන සියළු නායකයින් මේ සඳහා සාකච්ඡා කරමින් සිටිනවා" යැයි ද ඒ මහතා 20 වන සංශෝධන ගෙන ඒම පිළිබඳ අදහස් පළ කළේය.

     

    Last modified on සදුදා, 04 මාර්තු 2019 18:33

    Latest News