දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

මාර් 29, 2022

    කාණ්ඩ කිහිපයකට අදාළව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැති හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

    ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත් මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    Latest News