මිරිහාන සිද්ධියේ 54ක් අත්අඩංගුවට (වීඩියෝ)

අප්‍රේ 01, 2022
  • මිරිහාන,ජුබිලිකණුව ප්‍රදේශයේ ඊයේ (31) මහජන විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ගැටුමේදී යුදහමුදා බස් රථයක්, පොලිස් ජීප් 1ක්, යතුරුපැදි 2ක් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථයකට හානි සිදුව ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

    කළහකාරී සිද්ධීන් අතරතුර සහකාර පොලිස් අධිකාරීවරයෙක් හා පොලිස් නිලධාරීන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 01 අප්‍රේල් 2022 10:23

    Latest News