අළුත්ගම - විගඩ දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා සඳහා වැසේ

අප්‍රේ 01, 2022

    ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අළුත්ගම - විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කරන හෙයින් හෙට (02) සිට ලබන 4 වැනිදා දක්වා වාහන ගමනා ගමනය නතර කර තිබේ.

    ඒ අනූව 2 වැනිදා සහ 3 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වාත්, අප්‍රේල් 4 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වාත්, දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට වසා තැබෙන බැවින් එම කාලය තුල විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රි ලංකා දුම්රිය සේවය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News