ඩීසල් නෞකාව මෙරටට...

අප්‍රේ 02, 2022

    ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබුනු පළමු ඩීසල් තොගය රැගත් නෞකාව ඊයේ රාත්‍රී මෙරටට පැමිණියා.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, නෞකාවේ ඉන්ධන ගොඩබෑම සිදුකර ඇති අතර, එම ඩීසල් බෙදා හැරීමේ කටයුුතු කඩිනමින් සිදුකරන බවයි. ඊයේ රාත්‍රී කොළඹ වරායට සේන්දු වූ ඩීසල් රැගත් නෞකාව මෙහෙයුම් කටයුතු අද (02) අලුයම ආරම්භ කෙරුණා.

    ඩීසල් තොගය නිල වශයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා වෙත නෞකාවේ කපිතාන්වරයා විසින් බාරදෙනු ලැබූ අතර, එය මහකොමසාරිස්වරයා විසින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට බාරදීම වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණා.

    ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණි නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් පවතිනවා. බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දීය ආධාර යටතේම ඉන්ධන රැගත් නෞකා ලබන 04 සහ 05 යන දිනවලදී ද මෙරටට පැමිණීමට නියමිත බවයි.

    Last modified on සෙනසුරාදා, 02 අප්‍රේල් 2022 19:58

    Latest News