අවුරුද්දට විශේෂ බස් රථ 200ක් ධාවනයට

අප්‍රේ 13, 2022

    අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට දිනයේ ද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාවට නංවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    ඒ අනූව, අද සහ හෙට නියමිත ගමන්වාරවලට අමතරව විශේෂ බස් රථ සේවා 200ක් යොදවා ඇති බව, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස පවසයි.

    අප්‍රේල් 8 වැනිදා සිට විශේෂ ධාවන සැලැස්මක් සකස් කර පැය 24 පුරා ක්‍රියාත්මක බස් රථ සේවාවක් මේ වන විටත් යොදවා ඇති බවත්, ඔහු වැඩිදුරටත් පවසයි.

    ලංකාවේ කුමන ප්‍රදේශයකට වුවද ගමන් කිරීමට ඒ මගින් පහසුකම් සළසා ඇති බවයි ඔහු පවසන්නේ.

    Latest News