ආර්ථික අර්බුදය විසඳීමට ශ්‍රී ලංකාව සමඟ සාමූහික ක්‍රියාමාර්ගයක; IMF

අප්‍රේ 21, 2022

    අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය, ආර්ථික අර්බුදය විසඳීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටින බව IMF ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරනවා.

    ආර්ථික අභියෝග සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත්, ඒ සඳහා සැලසුම් සකස් කිරීමත් දෙපාර්ශවය අතර සාකච්ජාවලදී අවධානයට ලක්වූ මූලික කාරණය බව, IMF කළමනාකාර අධ්‍යක්‍ෂවරිය සඳහන් කරනවා.
    මුදල් අමාත්‍ය අලි සබ්රි හා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස වොෂිංටනයේදී අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා පැවැත්වුවා. එම සංවිධානයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ට්විටර් සටහනක් මගින් ප්‍රකාශ කර ඇත්තේ, මේ දුෂ්කර අවස්ථාවේ තම සංවිධානය හා එක්ව ක්‍රියාකිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට කෘතඥතාව පළකරන බවයි.
    ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය මූලික වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගක් බව IMF සංවිධානය පෙන්වා දෙනවා. අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ වසන්ත සෘතු සැසිවාරයට සහභාගිවීම ගැන කළමනාකාර අධ්‍යක්‍ෂවරිය ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පළ කළා....

    Latest News