පටු මානසිකත්වයෙන් බැහැරව සමෘද්ධිමත් දේශයක්;ඇමති මංගල (වීඩියෝ)

මාර් 06, 2019

    මෙවර අය-වැයේ අපේක්‍ෂාව ශ්‍රී ලංකාව පටු මානසිකත්වයෙන් බැහැරව නවීන අද්විතීය හා සමෘද්ධිමත් දේශයක් බවට පරිවර්තනය කිරීම බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    එම කාර්යය සිදු කෙරෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වීය වටිනාකම් හා සංහිඳියාව මත පදනම්ව බවයි, මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. අර්නස්ට් සහ යන්ග් ආයතනය විසින් සංවිධාන කරන ලද අය-වැය සම්මන්ත්‍රණය අද උදේ කොළඹදී පැවැත්විණ.

    එහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම හා ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද ඒ අවස්ථාවට එක්වූහ. දීර්ඝ වශයෙන් අය-වැය පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ, මෙරට ආර්ථිකය නැංවීමට පමණක් නොව සංවර්ධනය හා සමාජ සාරධර්ම තහවුරු කිරීමට වැදගත්වන ක්‍රියාමාර්ග රැසක් මෙවර ඇතුළත් කර ඇති බවයි.

    අධ්‍යාපන කේෂ්ත්‍රය සඳහා ආයෝජනය කළ මුදල රුපියල් බිලියන 344 ඉක්මවා ඇත. ආර්ථිකයෙහි කාන්තා නියෝජනය නැංවීම, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුලින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්‍ෂේත්‍රය නැංවීම හා ගම්පෙරළිය වැඩසටහන තුළින් බිම් මට්ටමේ සංවර්ධනය තහවුරු කිරීම ද මෙවර අය-වැයෙහි ප්‍රධාන සාධනීය ක්‍රියාමාර්ග බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 20:56

    Latest News