ජාතික ආණ්ඩුව විනාශ කළේ ඌරු මීයන් පිරිසක් - අමාත්‍ය රාජිත (වීඩියෝ)

මාර් 06, 2019

    අයවැය 2019 (විසර්ජන පනත් කෙටුම්පත ) දෙවැනිවර කියවීමේ විවාදය අද (6) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.


    දෙවැනිවර කියවීමේ විවාදය අද සිට මාර්තු මස 12දින දක්වා පැවැත්වෙයි. අද විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය. අයවැය යෝජනා ඊයේ (5) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ජන ගරුත්ත්වය සුරකින අයවැයක්- නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන-

    ජන ගරුත්ත්වය සුරකින අයවැයක් ලෙස මෙවර අයවැය හැදින්විය හැකි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
    " නව ලිබරල් ආර්ථිකය ලෝකයේ කොහෙවත් පිළිගන්නේ නෑ. මේ අය වැය ජනතාවාදීව පියවර ගෙන තිබෙනවා. ගම්පෙරළිය වැඩසටහනට ජනතා ගෞරවයක් ඇති වී තිබෙනව. දැන් තිබෙන්නේ ගම්මන රජ්‍යයක් නොවේ. සැම  ගමක් ම ඉල්ලා සිටින්නේ නාගරික පහසුකම්. මේ කටයුත්ත පසුගිය කාලයේ පත්තකට දමා තිබුණා. දැන් සෑම  ගමක් ම ආවරණය වන පරිදි ගම්පෙරළිය ක්‍රියාත්මක වෙනවා. මෙය ජන ගරුත්ත්වය සුරකින අයවැයක් ලෙස  මෙය හැදින්විය හැකියි.

    කොළඹ කුණු මීතොටමුල්ලේ දැම්මා. සනීපාරක්ෂක පසුබිමක් යටතේ කිරීමට නොහැකිව පීඩනයකට පත් වෙලා.  සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව බෙදී යන ලෙස නීපාරක්ෂක පහසුකම් ලබා දෙන්නේ. දස ලක්ෂයක් ජනතාවට  පහසුකම් ලබාදී තිබෙනවා.නගරයෙත් ගමෙත් කුණු ප්‍රශ්නය උග්‍ර වෙලා. විශාල මුදලක් වෙන් කර තිබෙනව මේ  ප්‍රශ්නය වෙනුවෙන්.


    සංචාරක කලාප ප්‍රවර්ධනයට මුදල් වෙන් කර තිබෙනවා. සෑම 14 දෙනෙකුගෙන් ම එක් අයෙක් රාජ්‍ය  සේවකයෙක්. රජය සියයට 107කින් වැටුප් වැඩි කර තිබෙනවා. තව 2500ක දීමනාවක් ලැබෙනවා.ගුරු වැටුප්  විශාල වශයෙන් වැඩි වෙනවා.අද අධ්‍යාපනයට කිසිම කැපිල්ලක් නැ. උසස් අධ්‍යාපනයට කැපිල්ලක් නෑ. පැරණි  කතාවක් එක දිගට කියනවා. අවලාදවලට යථාර්තවාදීව පිළිතුරු ලබාදී තිබෙනවා. සම්ප්‍රදායික වැවිලි බෝග දෙස  බලා, තල් සංවර්ධන යෝජනාවක් ඉදිරිපත් කළා.ඉදිරි කාලයේ දී කිතුල් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවන්න  කියලා ඉල්ලා සිටිනවා. ජන ගරුත්ත්වය සුරකින දීර්ග කාලීන ලෙස වැදගත් පදනම් පියවරක් ලෙස අයවැය  හදුන්වා දෙන්න කැමතියි''යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය

    ඉදිරියේ දී සෞඛ්‍ය සේවයම ඩිජිටල්කරණය වන බවත් ජනතාවගේ රක්ෂණය ගැන සිතූ ආණ්ඩුවක් මීට පෙර නොතිබූ බවත් මේ රජය ජනතාවගේ රක්ෂණය ද වැඩි කළ බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ආර්ථික අවපාතයක් තිබෙනවා නම් මෙවැනි අයවැයක් සකස් කිරීමට හැකියාවක් නෑ.මේ ආර්ථික අර්බුදය ගැන ඇහුවේ පනස් ගණන්වල සිටයි. අද ඊයේ නොවෙයි.වමේ කට්ටිය ඔය කතාව කිව්වා.හම්බන්තොට වරාය ගොඩනැඟිය යුතුයි. මත්තල හැදුවා ගුවන් යානා නෑ. විපක්ෂයේ අය හිතනවා මේක හීනයක් කියලා. සිහිනය උදා  වෙනවා. විවෘත ආර්ථිකයට බනින අයට විකල්පයක් නෑ.සමාජ වෙළඳ ආර්ථිකය තුළ සියලු සහන ලබාදෙනවා.  මේකේ තියෙන්නේ දන් සැලක් නොවේ.

    ජාතික ආණ්ඩුව ප්‍රසංශාවට ලක් වුණා.ඌරු මීයෝ වගේ ආණ්ඩුවේ ඉදගෙන ආණ්ඩුවට බැන්නා.දින පනස් දෙකට  විශාල ආර්ථික පාඩුවක් සිදු වුණා.ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න මුදල් ලබාදී තිබෙනවා. වැසි කිළි  පහසුකම් සඳහා මුදල් ලබා දී තිබෙනවා.සුවසැරිය ආවාම කිව්ව රෝ ඔත්තු කරුවෝ එනවා කිව්වා. මින් ලක්ෂ  පහකට වැඩි ජනතාවක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.නිදන් ගත වකුගඩු රෝගයට ලංකාවට තිබුනේ ඩයලිසීස් යන්ත්‍ර  තිබුණේ 227යි. මේ වසර අවසන්වන විට සියලු රෝහල්වලට සියලු ඩයලිසීස් යුනිට් හදනවා. අධ්‍යාපනයට විශාල  මුදලක් වෙන් කර තිබෙනවා. සබරගමුව, වයඹ, මොරටුව වෛද්‍ය පීඨය හදනවා.රුහුණු වෛද්‍ය පීඨයේ සිසුන්  200 සිට 300 දක්වා වැඩි කරන්න කටයුතු කරනවා. හෙඳ පීඨය හදන්න කටයුතු කර තිබෙනවා. ශිෂ්‍යත්ව  ලබාදීමට පොළී රහිත ණයක් ලබාදෙනවා.පුද්ගලික අංශයේ හෙද පුහුණුව සඳහා දීමනාවක් ලබාදෙනවා.

    ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නම් විද්‍යාත්මක ණය කළමනාකරණයක් අවශ්‍යයි. ඉතාම දුෂ්කර හා සීමාකාරී මූල්‍ය වටපිටාවක් තුළ ජනතාවට සහන ගලා යන ආයෝජනයට ඉඩක් ලබාදෙන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා '' යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නම් විද්‍යාත්මක ණය කළමනාකරණයක් අවශ්‍යයි. ආර්ථිකයක්  ඉදිරියට යන්න නම් ණය ගැති භාවය වෙනස් කර ගත යුතුයි. අපනයට ශක්තියක් දෙන්න මෙය පාලනය  කරගන්න අවශ්‍යයි. ඩොලරය අද පාලනය වී තිබෙනවා. මේ අයවැයෙන් එය තවදුරටත් පාලනය කර ගන්න හැකි වෙයි.

    දළ ජාතික වර්ධනය ඇඳ වැටිලා. සාම්ප්‍රදායික ක්‍රමයට වර්ධනය කර ගන්න බෑ. නවොත්පාදන උපාය මාර්ග දළ  ජාතික වර්ධනය කරගැනීමට අවශ්‍යයි. ලාබ ශ්‍රමය ලංකාවේ නෑ. අපි කළ යුත්තේ, මිලියන 21ක උගත් හැකියාව  නිසි ආකාරයට භාවිත කළ යුතුයි. ඒ සඳහා හතරවැනි කාර්මික විප්ලවයට අනුකූල ක්‍රමවේදයකට අප යා යුතුයි.

    විෂයධාරාවේ විශාල වෙනසක් ඇති වී තිබෙනවා.ඉදිරි කාලයේ දී පාරවල් හදන්න, නගර නිර්මාණ වගේම නවෝත්පාදනයට දිරි දෙනව නම්, ආර්ථිකයට වැඩි දිරි දීමක් දෙන්නේ නවෝත්පාදන ආර්ථිකයයි. පොදු ප්‍රවාහනය නැංවීම සඳහා  අයවැයෙන් ලබාදුන් සහනය ගැන සතුටු වෙනවා.

    සැලසුමක් නැති ආකාරයට බාල ජනප්‍රිය දේට ආයෝජනය කළ නිසා වැරැද්දක් සිදු වුණා. බාල ජනකාන්තවාදය වෙනුවට විද්‍යාණුකූල සැලසුමකට ආයෝජනය කරනව නම්, බලගතු ප්‍රතිඵල තිබෙනවා. රටේ වෘත්තීයවේදීන්ට  යුක්තියක් ඉටු විය යුතුයි. ඒ අය අසහනයට පත් වුණොත් රට තවදුරටත් පහළට වැටෙනවා. සැලකිය යුතු පිරිසක්  විදෙස් රටවලට ගමන් කර තිබෙනවා. ඉතාම දුෂ්කර හා සීමාකාරී මූල්‍ය වටපිටාවක් තුළ ජනතාවට සහන ගලා යන  ආයෝජනයට ඉඩක් ලබාදෙන අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. වටිනාම දෙය අපි අපේ ජාතියේ දරුවන්ට ලබාදෙමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    Last modified on බදාදා, 06 මාර්තු 2019 20:29

    Latest News