ලෝක කම්කරු දිනය අද...

මැයි 01, 2022

    ලෝක කම්කරු දිනය අදයි. ඒ නිමිත්තෙන් ලොව පුරා රටවල් රැසක මැයි දින සැමරුම් සංවිධාන කර තිබෙනවා.

    1886 මැයි පළමුවැනිදා පැය 08ක වැඩ මුරයක් ඉල්ලා අමෙරිකාවේ චිකාගෝ නගරයේ පැවති කම්කරු උද්ඝෝෂණය මැයි දිනය බිහිවීමට හේතු වුණා. එම කම්කරුවන් විසුරුවා හැරීමට චිකාගෝ පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ, මැයි 03 වැනිදායි. එහිදී කම්කරුවන් 06 දෙනෙකු මියගියා. 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරයට විරෝධය පළ කරමින් 1886 මැයි 04 වැනිදා පැවති ලෝක කම්කරු පෙළපාලිය අවසන් වූයේ, චිකාගෝ නගරයම රුධිරයෙන් තෙත් කරමින්. එදා කම්කරු අරගලයේදී දිවිපිදු පිරිස සිහිපත් කරමින් ලොව පුරා වැඩකරන ජනතාව 1890 වසරේ සිට මැයි දිනය සමරනවා.

    ඒ අනුව, මෙවර පැවැත්වෙන්නේ 136 වැනි ලෝක කම්කරු දිනයයි. 1933 දී මෙරට පළමු කම්කරු දිනය සමරනු ලැබුවේ, කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

    Latest News