ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

මැයි 01, 2022

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඇති විය හැකි තද වැසි ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව සහ දකුණු යන පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකි බවයි. ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 100ට වැඩි ඉතා තද වැසි හටගත හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

    ඌව පළාතේ සහ මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී හෝ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ‍හෝ ඇති විය හැකියි. උතුරු-උතුරු මැද, වයඹ සහ දකුණු යන පළාත්වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40ක් පමණ දක්වා වැඩි විය හැකියි.
    මේ අතර අද පෙරවරු 8.30න් පසු වැඩිම වර්ෂාපතනය ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එය, මිලිමීටර 106ක වර්ෂාපතනයක්.

    Latest News