මනම්පිටිය රිය අනතුරින් 3ක් මරුට...(වීඩියෝ)

මැයි 01, 2022
  • කොළඹ-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු ජිවිතක්‍ෂය පත්වුණා.

    මනම්පිටිය-කොටලීය පාලම ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී තිබෙනවා. අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු මරණයට පත්වුණා. ඔවුන් අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවන්. එම පිරිස මාතගේ ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. බස් රථය පොළොන්නරුව සිට මඩකලපුව රෝහලට කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථයක් බව පොලිසිය සඳහන් කළා. ත්‍රීරෝද රථය තවත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි මෙම බස් රථයේ ගැටී තිබෙනවා.

    Latest News