බවුසර් වර්ජනය අවසන් (වීඩියෝ)

මැයි 02, 2022
  • ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්, පෞද්ගලික ටැංකි රථ හිිමයන්ගේ සංගමය ඊයේ ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කිරිමට පියවර ගෙන තිබෙනවා.

    එම සංගමයේ සමලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ, ප්‍රවාහන ගාස්තුව 30%කින් වැඩි කිරීමට අදාළ පාර්ශව එකඟවීමත් සමග, වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි. එසේම, ඉදිරි තෙල් තොග ලැබෙන තෙක් මෙරටට අවශ්‍ය සියලු ඉන්ධන වර්ග ප්‍රමාණවත් තරම් පවතින බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    මේ අතර, අප වාර්තාකරු සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවට, තෙල් ලබා ගැනීම සඳහා පෞද්ගලික බවුසර් රථ පැමිණෙන ආකාරය අදත් දැකිය හැකිවූ බවයි.

    Last modified on සදුදා, 02 මැයි 2022 19:18

    Latest News