රාමසාන් උත්සවය අද

මැයි 03, 2022

    ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (03) යෙදී ඇත.

    ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.

    ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් හරසරින් සමරනු ලබයි.

    ඉස්ලාම් ආගමේ අනිවාර්යෙන් ඉටුකළ යුතු කරුණු 5 න් එකක් ලෙස රමසාන් උපවාසය සැළකේ. අලුයම සිට සවස අසාන් යාඥා ආරාධනය දක්වා දිනපතා උපවාසයේ නිරත වීම මුස්ලිම් බැතිමතුන්ගේ සිරිතයි.

    අල්ලාහ් දෙවියන් විසින් ශුද්ධ වූ අල් - කුරානය මොහොමඩ් නබිතුමා වෙත ප්‍රදානය කරනු ලැබුවේ රාමසාන් සමයේ බව විශ්වාස කෙරේ. නෝම්බි උපවාසය යහපත් ශරීර සෞඛ්‍යයක් සඳහා මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයට ද හේතුවන බව, ඉස්ලාම් ආගමේ සඳහන් වේ.

    ලබන මස නව සඳ බැලීමත් සමඟ රාමසාන් උත්සවය නිමාවට පත්වේ.

    Latest News