විශේෂ පක්ෂ නායක රැස්වීම අවලංගුයි

මැයි 11, 2022

    අද (11) පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්විම අවලංගු කර තිබේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ මන්ත්‍රීවරුන් හා පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පක්ෂ නායක රැස්වීමක් සිදුනොකරන බවයි.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට පැවැත්වීමට නියමිතව තිබිණ. ඒ රටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්ජා කිරීම සඳහායි.

    කෙසේ වෙතත්, සැලසුම් කර ඇති පරිදි ලබන 17 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ද කථානායකවරයා කියා සිටියි.

    Latest News