විශේෂ පක්ෂ නායක රැස්වීම Zoom හරහා

මැයි 11, 2022

    අද (11) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ පක්ෂ නායක රැස්වීම Zoom හරහා වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සිදුකිරීමට තීරණය කළ බව, කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.

    ඒ අනුව එම රැස්වීම අද සවස 3.00ට පැවැත්වීමට නියමිත අතර රට තුළ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ එම සාකච්ඡාවේ දී අවධානය යොමුකිරීමට නියමිතයි.

    මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පක්ෂනායක රැස්වීම පැවැත්වීම සිදුනොකරන බවට කථානායකවරයා විසින් නිවේදනය කර තිබිණ. ඒ අනූව අද පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කෙරුණු බවයි කථානායකවරයා ප්‍රකාශ කළේ.

    Parliment 900px

     

    Last modified on බදාදා, 11 මැයි 2022 12:05

    Latest News