වෙඩිකන්දේ කසුන්ගේ ගෙවත්තෙන් පිස්තෝල දෙකක් සොයා ගැනේ

මාර් 07, 2019

    රුපියල් කෝටි 500 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් ලද තොරතුරු අනුව මීට පෙර එම සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන්ගේ ගෙවත්තේ වළ දමා තිබූ පිස්තෝල දෙකක් සොයා ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ වත්තල-හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ වළ දමා තිබූ මෙම පිස්තෝල දෙක පෑලියගොඩ කොට්ඨාශ අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 මාර්තු 2019 17:42

    Latest News