“නැණ මිහිර“ ශිෂ්‍යත්ව සංග්‍රහය වෙළෙඳ පොළට

මාර් 07, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යාපන අංශය සම්පාදනය කරනු ලබන නැණ මිහිර ශිෂ්‍යත්ව ප්‍රශ්නෝත්තර සංග්‍රහය වෙළෙඳ පොළට නිකුත් කෙරේ.

    මේ වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කර ගනිමිනුයි මෙය සකස් කර ඇත්තේ.
    ජාතික රූපවාහිනියේ විකාශය කෙරෙන “පුංචි අපේ නැණ මිහිර“ වැඩසටහනට සමගාමීව ප්‍රශ්නෝත්තර කට්ටලය හඳුන්වා දෙනු ලැබීය. ප්‍රවීණ ගුරු මණ්ඩලයක් මෙය සම්පාදනය කර තිබේ.

     

    ප්‍රශ්නෝත්තර කට්ටල රූපවාහිනී සංස්ථාවේ රූ එන්ටර්ටේන්මන්ට් අලෙවි සැලෙන් හා දිවයින පුරා ප්‍රධාන පෙළේ පොත් අලෙවි සල්වලින් ලබාගත හැකියි. පොත් ප්‍රකාශකයින් වෙත අලෙවිය සඳහා ප්‍රශ්නෝත්තර කට්ටල බාරදීම සිදු කෙරුණේ, රූපවාහිනී සංස්ථාවේ සභාපති, ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය විසිනි. නැණ මිහිර ශිෂ්‍යත්ව සම්පාදක මණ්ඩලයට උපහාර පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණ.

    Latest News