ඒ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි ප්‍රධානියෙකු වන කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන රෝහණ පුෂ්පකුමාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න අතිරේක කොමසාරිස්වරු ලෙස පත් කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහි සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් දිස්ත්‍රික් 25හි ලේකම්වරුන් පත් කිරීමට ද කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර ඉකුත් 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධූරය හෙබවූ ජේ ජේ රත්නසිරි, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර තිබේ.