බොල්ගොඩ පරිසර පද්ධතියට මානව ක්‍රියාකාරකම් ආශ්‍රිත තර්ජන

මාර් 07, 2019

    ඉහළ ජෛව විවිධත්වයකින් යුතු තෙත්බිම් පරිසර පද්ධතියක් වන බොල්ගොඩ පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීම කෙරෙහි මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුව තිබේ.

    පරිසර පද්ධතියට එල්ලවී ඇති මානව ක්‍රියාකාරකම් ආශ්‍රිත තර්ජන ඊට හේතුවයි. කොළඹ හා කළුතර දිස්ත්‍රික් දෙකටම අයත්වන මෙම සුවිශේෂ පරිසර පද්ධතිය හෙක්ටයාර 2,100ක භූමි ප්‍රමාණයකින් සමන්විතයි. රක්‍ෂිත ප්‍රදේශයේ සහ ජල දේහය අනවසරයෙන් ගොඩකිරීම, අනවසර ඉදිකිරීම්, කර්මාන්තවල සහ නිවාසවල අපද්‍රව්‍ය සහ අප ජලය ජලාශයට මුදාහැරීම, කඩොලාන පරිසරය විනාශ කිරීම, අවිධිමත් සැලසුම්වලින් යුතු සංවර්ධන ව්‍යාපෘති ආදිය හේතුවෙන් බොල්ගොඩ පරිසර පද්ධතිය විනාශ වීමේ අවදානමකට ලක්ව තිබේ.

    මෙම පරිසර පද්ධතිය ගංවතුර පාලන ප්‍රදේශයක් ලෙසත්, ආර්ථිකමය වශයෙන් ධීවර, සංචාරක ක්‍ෂේත්‍රය මෙන්ම, කෘෂිකර්මාන්තයටත් විශාල දායකත්වයක් සපයන පරිසර පද්ධතියක්. එබැවින් මෙම පරිසර පද්ධතිය ආරක්‍ෂා කර පවත්වාගෙන යාමේ වැදගත්කම මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවට පෙන්වා දෙයි. ඔවුන් මේ බව අවධාරණය කළේ, එම ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි. ඊට මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූහ.

    Latest News