පෙට්‍රල් පෝලිම්වල රැඳී සිටින්න එපා - CEYPETCO

මැයි 18, 2022

    අද (18) දිනයේ පෙට්‍රල් නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවකට හැර පෙට්‍රල් ලබා ගැනීමට පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් රැගත් නෞකාවක්  අද පැමිණීමට නියමිතව ඇති අතර ඩීසල් රැගත් නෞකාවක්ද හෙට (19) මෙරටට ළඟාවීමට නියමිතයි. කෙසේ නමුත් ඒ අනූව හෙට (19) සිට සාමාන්‍ය පරිදි පෙට්‍රල් බෙදා හැරීමට කටයුතු සිදුරන බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Last modified on බදාදා, 18 මැයි 2022 10:23

    Latest News