මේ වනවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි,අමාත්‍යාංශය පවසන්නේ. QR කේතය මගින් පිරවුම්හල්වලින් නිකුත් කරන සියලු ඉන්ධන තොග අදාළ මෘදුකාංගය හරහා ගණනය වේ.
ඒ අනුව සෑම දින දෙකකට වරක්ම එක් එක් පිරවුම්වල්වලින් නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳව ලිඛිතව දැනුම්දීමක් සිදු කෙරෙන බව ද අමාත්‍යාංශය පවසයි.
එහිදී QR කේත ක්‍රමයට බාහිරව නිකුත් කර ඇති ඉන්ධන ප්‍රමාණය පිළිබඳ සාධාරණ හේතු නොදැක්වුවහොත් එවැනි පිරවුම්හල්වලට සපයන ඉන්ධන ප්‍රමාණය සීමා කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.