රණවිරු සැමරුම වෙනුවෙන් නාවික හමුදාවේ 2,084කට උසස්වීම්....

මැයි 18, 2022

    13වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ 14,401 දෙනෙකුට උසස්වීම පිරිනමා තිබෙනවා.

    ඒ අනුව, නාවික හමුදාවේ උසස්වීම් ලද පිරිසට 2,084ක් ඇතුලත්. එය ක්‍රියාත්මක කෙරුණේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න මහතාගෙ ප්‍රධානත්වයෙන්. ජ්‍යෙෂඨ නිලධාරින් 09දෙනෙකු සහ කණිෂ්ඨ නිලධාරින් 65 දෙනෙකු ඊළඟ නිලය දක්වාත්, නිත්‍ය සහ ස්වේච්ඡා අංශවලට අයත් විවිධ තරාතිරම්වල කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නාවිකයින් 2,010දෙනෙකු ඊළඟ තරාතිරම දක්වාත් උසස් කර තිබෙනවා.

    Latest News