පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී එන්නත් ගෙනඒමේ වැඩසටහනට බාධා එල්ල විය හැකි බවයි, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ.
මෙරටදී කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් එක් කෝටි හැත්තෑ ලක්ෂ 68,255 දෙනෙකු මේ වනවිට ලබාගෙන තිබේ. එහෙත් එම පිරිසෙන් දෙවන මාත්‍රාව ලබාගෙන ඇත්තේ එක්කෝටි හතලිස් හතර ලක්ෂ 83,145 දෙනෙකු පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
තුන්වන මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේද පුද්ගලයන් 79 ලක්ෂ 75,617 දෙනෙකු පමණයි.