මුහුදු තෘණවල වැදගත්කම සහ ඉන් සැපයෙන පුළුල් පාරිසරික වැදගත්කම පිළිබඳව අදාළ යෝජනාවෙන් ඉදිරිපත් කර තිබේ. අදාළ යෝජනාව මහා මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කරනු ලැබුවේ, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහොන් පීරිස් මහතා විසින්.
ශ්‍රී ලංකාව සමග රටවල් 24ක් ඊට සම අනුග්‍රහය දැක්වීය. ඒ අනූව, අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී ඒකමතිකව සම්මත වී තිබේ.