මත්පෙති තොගයක් රේගු දැලේ

මාර් 08, 2019

    මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණු රු.මි. 9ක් වටිනා සැකකටයුතු මත්පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය නිරාවරණ අංශයෙන් සොයා ගෙන තිබේ.

    මේවා “මෙතම්පිටමයින්“ නමැති විෂ මත්පෙති වර්ගයක් ලෙස හඳුනාගෙන ඇත. පාර්සලය ශ්‍රී ලංකාවට එවා ඇත්තේ නෙදර්ලන්තයේ සිටයි. ඒවා රත්මලාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක් වන තරුණයෙකුගේ නමට එවා තිබූ බව රේගුව පවසයි.

    මත්පෙති තොගය පාවහන් රඳවනයක සූක්‍ෂම ලෙස අසුරා තිබිණ. පාර්සලය රැගෙන යාමට මධ්‍යම තැපැල් හුවමාරුවට පැමිණි තරුණයා පලාගොස් තිබේ. මේ ගැන වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    Latest News