ඊයේ (09), මෙරට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමා මේ අදහස් පළ කළා. මේ මස අවසන් වන විට අයි.එම්.එෆ්. සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹෙුන ඇතැයි, තමන් බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පවසා සිටියා. පවතින ආහාර හිඟය හේතුවෙන් තමන්, රට තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කරන බවද, අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
මේ තුළින් ආහාර වේල් 03ක් ලබා ගැනීමට නොහැකි ජනගහනයෙන් 10%කට නොමිලයේ ආහාර ලබාදීමට රජයට හැකිවනු ඇතැයි, අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළා. අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ, වර්තමාන තත්ත්වය පිළිබඳ සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහය වන ලෙසයි. මාධ්‍ය හිමිකරුවන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේ, ආර්ථිකයට සිදුවී ඇති හානිය නිසා එහි ප්‍රතිඵල රටට විඳීමට සිදුවන බවයි.
ජපානයේ විශ්වාසය යළි ඇතිකරගැනීම සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමග සාකච්ඡා කරමින් සිටින බවද, අග්‍රාමාත්‍යතුමා මෙහිදී සඳහන් කළා. ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආධාර ලබා දෙමින් ලොව රටවල් ඉදිරියෙන් සිටින බවත්, එහෙත්, කිසිදු රටක් නොමිලයේ ඉන්ධන ලබා දීමට පියවර නොගන්න බවත්, අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධාරණය කර සිටියා. ඉදිරි මාස කිහිපය තුළ රට ගොඩනැගීමට මාධ්‍ය ආයතනවල සහය මත විශ්වාසය තබන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහිදී සඳහන් කළා.